ප්‍රශ්න තොරතුරු

Voice question

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට ඇතිවී ඇති තත්වය ගැන ඔබ වැටහීමකින් සිටිමින්
මේ ගැටලුවට විසදුම් සොයා ගැනීමට ඔබ විසින්ම යොමුවීම අගය කල යුතු වේ . ඔබ පවසන
අයුරින් මේ වන කොට විශාල මුදලක් වැයකරමින් දිනපතා හෙරොයින් භාවිතාට හුරු වී ඇති
බවත් වර්තමානයේ එම මුදල් සොයා ගැනීමට අපහසුව හේතුවෙන් අප දන්නා එදිනෙදා භාෂාවෙන්
කියන සික් තත්වයට පත් වී ඇති බවක් පෙනේ. 

ඔබගේ අවශ්‍යතාවය වී ඇත්තේ කෙසේ හෝ මේ නරක
පුරුද්දෙන් මිදීම බව පැහැදිලිය. එසේම ඔබගේ කැපවීම, උනන්දුව මත ඉතා කෙටි කලකින්
මෙයින් අත් මිදීමට හැකිය.

ඔබ මේ අවස්ථාවේ පසුවන අපහසු තාවයන් ගැන අපට හොඳ
වැටහීමක් ඇත. මුලික වශයෙන් වඩා සුදුසුම දේ හැකි ඉක්මනින් අන්තරායකර අවුෂධ පාලක
ජාතික මණ්ඩලයේ (රජයේ ආයතනයකි)   අංකය වෙත
දුරකතන ඇමතුමක් ලබාදීම වේ. එහිදී ඔබේ ප්‍රදේශය  අනුව ඔබ වෙනත් අංකයකට යොමුකරන අතර  ඔබගේ වයස, මත්ද්‍රව්‍ය සමග ගත කල කාලය , ඇති
අපහසුතා වැනි කරුණු  අනුව වඩා සුදුසුම
පියවර ඔබ වෙත පැහදිලි කෙරේ.  දුරකථන අංකය
071
0 301 301
.

එසේම
මේ අවස්ථාවේ මුදල් නොමැති වුවද ඔබගේ මිතුරන් මගින් ණයට මත්ද්‍රව්‍ය සැපයීම සිදුවිය
හැකි බැවින් දැඩි අධිෂ්ඨානයෙන් එය වලකා ගන්න. ඒ සේම  ඔබ අවට සිටින මත්ද්‍රව්‍ය වලට හුරුවී සිටින
අයගේ නොද්නනා බොරු මිත්‍යා වලට ඇහුන් කන් නොදී සිටින්න. බොහෝ දෙනා කියනුයේ මෙය නතර
කල නොහැකි බවත්  එසේ කිරීමෙන් ශරීරයට හොද
නැති බවත්ය.  මේවා පට්ටපල් බොරු වන අතර  මේ කිසිදු කතාවක විද්‍යාත්මක පසුබිමක් නැත. එසේම
නිවැරදි ක්‍රම වේද  වෙත යොමු වී මේ
ඇබ්බැහීයෙන් මිදුණු සැමදෙනා මෙය බොරු බව සනාත කර ඇත.

එහෙත්
මත්දර්ව්‍ය නතර කල වහා සුළුවෙන් මානසට වද දෙන  ගතියක් හා ශාරීරික අපහසු ගතියක් ඉතා කෙටි කලක්
දැකිය හැකි වුවද  නිවැරදි ක්‍රම අනුගමනය කල
වහා එය ඉතා පහසු බව ඔබට දැනේවි.  එවිට ඔබ
දිනපතා වියදම් කල රු 5000  ඉතිරි කර ගැනීමට
හැකි වේවි. ඔබ අවුරුද්දක් හෙරොයින් භාවිතා කළා නම්  5000x 365 
=  දහ

අට
ලක්ෂ විසිපන්දාහක් නිකරුනේ නාස්ති වී ඇත. 
ඇතම් විට මේ මුදල මෙයටත් වඩා ඉතා ඉහල විය හැක. ඔබට, ඔබේ මවට, පියාට පවුලේ
කෙනෙකු වෙනුවෙන් ඔබ කොපමන වියදම් කර ඇතිද? 
ඔබ හිතන්න ඔබේ මිතුරන් කියපු සොමිය, ජොලිය, ෆන් එක ඔබට ලැබුනාද? මතක් කරන්න
ඔබ විසින් මුලින්ම හෙරොයින් ගත්ත දවස ...... ඔබේ වටේ හිටපු මිතුරන් කියපු ෆන් එක
සොමිය , ජොලිය එහි තිබුනාද ? එහිදී වැඩිපුර උනේ ඔබේ වටේ හිටපු අය කියපු කතා ඔබ
විශ්වාස කරා සහ එය ඇත්තක් බව ඔබ පිළිගත්තා නේද? 
ඒ සියල්ල දැන් අතීත යයි . (එසේම වරද අප තවත් කෙනෙකුට පැටවීමෙන් පලක් නැත.
දුන්න පලියට ඉරුවේ ඔබය) එය වෙලා ඉවරයි පොඩි කට්ටක් කාලා මේකෙන් ගොඩ ගියොත් ඔයාගේ
ඉදිරි අනාගතයම සතුටින් ඉන්න පුලුවන්.

එහෙම
ගොඩ ගිහින් හරි සතුටින් පවුල් ජිවිත ගත කරන බොහෝ දෙනා ගේ තොරතුරු ඔවුන්ගේ හඩින්ම
ඔබට අහන්න පුළුවන්.


දේ  ඔයාටත් පුලුවන් .... එහෙම කියන්නේ ඔයා
ඔයාගේ තියන අපහසුව තේරුම් අරන් ඔයා විසින්ම අප වෙත ගැටලුව ඉදිරිපත් කිරීමෙන්ම
පේනවා මේ  නරක පුරුද්දෙන් බේරෙන්න ඔබේ තියන
උනන්දුව.  තව මොහොතක් වත් බලා ඉන්න එපා
දැන්ම කතා කරන්න. ඔයා මේ වැඩේ කරන්න යනවා කියලා යාළුවන්ට කියන්න යන්න එපා. දැන්ම
කතා කරන්න. ඉහත අංකයට කතා කරලා ඔවුන්ගේ උපදෙස් නිවැරදිව අනුගමනය කරලා ඔබට
ඉක්මනින්ම යහපත් තත්වයට පත් වෙන්න පුලුවන්.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Jun 2020 Thu 10:25 AM

අදහස්