ප්‍රශ්න තොරතුරු

වෛද්‍ය නිර්දේශයකින් තොරව මොර ගුලි භාවිතය සුදුසුද? ඒවා මිලදී ගත හැක්කේ කොහෙන්ද ? රජයේ රෝහල් වලින් නොමිලේ ලබාගත හැකිද ? ඒවා භාවිතයෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම සිදුවේ ද? ගර්භණී සමයේදී භාවිතය සුදුසුද ? භාවිතය දිනකට එක්වරක් ද ? ඒවා බීමට සුදුසු උදෑසනද  රාත්‍රී කාලයේ ද ? ආහාර ගැනීමට පෙර ද පසු ද?  Thanks yeheli team.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෝර ගුලි ලෙස හඳුන්වන්නේ ඔමේගා අම්ල සහිත අමතර පෝෂක ද්‍රව්‍යයකි ඒවා පිටතින් ලබා ගැනීමට නිශ්චිත හේතුවක් තිබිය යුතුය නිකරුනේ කිසිම ඖෂධයක් වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා නොගත යුතුය මේවා සාමාන්‍ය ෆාමසි වල මෙන්ම රජයේ සමහර රෝහල්වලද ලබාගත් දෙනු ඇත කෙසේ නමුත් ඒවා ලබාගත යුත්තේ ලබා ගත යුත්තේ ඔබට ඒවා සුදුසු නම් වෛද්‍ය නිර්දේශයකට යටත්වය මේවායින් සිරුරේ කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළ යෑමක් සිදු කරන්නේ නැත . හිතකර මේද අම්ල අඩංගු බැවින් ශරීරයට හිතකර වේ 

 මේවා බොහෝ විට ලබාගන්නේ දිනකට එක් වතාවක් පමණක් වන අතර එය දවසේ ඕනෑම කාලයක දී ලබා ගැනීම ගැටළුවක් නැත .

සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී මෙවැනි  ඖෂධ භාවිතා කිරීම නිර්දේශ කරන්නේ නැත 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 Jun 2020 Fri 3:17 PM

අදහස්