ප්‍රශ්න තොරතුරු

මගේ වයස අවුරුදු 34යි. දැනට ඉන්නේ ඩුබයි රටේ. දැනට මාස කීපයකට පෙර සිට මගේ හිසේ හිස් මුදුන අල්ලන විට දැඩි වේදනාවක් දැනෙනවා. එහෙම වෙන්නෙ ඇයි කියලා දැනගන්න පුලුවන්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ හිසට අනතුරක් සිදුවී හෝ තුවාලයක් සිදුවී නැත්නම් එසේ දැනෙන්නේ  බොහෝවිට හිස් කබලේ ඇති සමෙහි අධි සංවේදීතාවයක් නිසා විය හැක 

මෙවැනි තත්ත්වයන් සමහර අයට වරින් වර ඇතිවන අතර නිශ්චිත හේතුවක් ඒ සඳහා නැත නමුත් එය නිශ්චිතවම කීමට නම් පරීක්ෂාකර බලා නිගමනයකට පැමිණිය යුතුය 

සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තත්වයක් සතියකට හෝ දෙකකට පමණ පසුව මඟ හැරී යා යුතුය එසේ නොමැති නම් එය පරීක්ෂාකර බැලීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 Jun 2020 Sat 5:27 PM

අදහස්