ප්‍රශ්න තොරතුරු

මං අවුරුදු 20 ක තරුණයෙක්. මට සමාන්‍යයෙන් කේන්ති යනවා. මං ආදර සබදතාවයක් පටන් ගත්‍තා මීට මාස 4ට පෙර. මං මුල් කාලයේ එයාට රිද්දුවා. එයාටත් තරමක් කේන්ති යන කෙනෙක්. මගේ වැඩ නිසා ඉස්සර එයා අඩද්දි මං හිනා උනා. ඒත් දැන් එයාම මාව වෙනස් කරලා.. මට දැන් කේන්ති යනවා අඩුයි. එයාව ඕන නිසාම මං දැන් ඉවසනවා. බනිනවා අඩුයි. එයා බැන්නත් මං එයාට බනින්නෙම නැති තරම්. මං පුලුවන් තරම් ඉවසනවා. එයා දෙපාරක් මේ මාස 4 තුලම මාව අතාරින්න ගියා එයා නිසා මං දුක් විඳිනවා කියලා.. මොකද දැන් එයාට කේන්ති යන නිසා. මට හරි ප්‍රශ්නයක් මේක. එයා මට දැන් ආදරේ නැද්ද. මෙච්චර ලේසියෙන් මාව දාල යන්න හදන්නෙ... කොච්චර උනත් මං ඇඩුවත් එයාත් අඩනවා..එයාගේ හිතත් උනු වෙනවා. එයා සාමානයෙය්න් සමාජශීලී කෙනෙක්. එයා කතා කරන පිරිමි ලමයි ගැන මං නිතරම හොයලා බලනව. ඒ වගේම මං වෙනුවෙන් එයා ඕන ම දෙයක් අත අරිනත් ලෑස්ති. මගේ කේන්තිය නිසා එයාගෙ ගෙදරින් අකමැති උනට්බ් එයා මගේ එක්ක එන්න ලෑස්තියි. එයා කේන්ති ගද්දි මට හරි අමාරුයි දුක හිතෙනවා. එයා යනවා කියන සැරයක් ගානේ මං මැරෙනවා කියලා මට හිතෙනවා. මං ඒක එයාටත් කියලා තියෙනවා. ඇත්තටම එයා නැතුව මට ඉන්න අමාරුයි. එයා යන එකක් නෑ. එයාගේ සමාජ ශීලී බව නිසාම මට එයා ගැන පොඩි බයක් තියෙනවා. ඒක සැකයක් වගේ කියලත් මට දැනෙනවා. එයාට හොරෙන් එයාගෙ ෆේස්බුක් එකට පවා ලොග් වෙනවා. මගේ ලොගින් ඩීටෙල්ස් එයා ලග තුබ්බත් එයා කවදාවත් එහෙම ලොග් වෙලත් නෑ වෙන්නෙත් නෑ. එයා මාව පොඩ්ඩක්වත් සැක කරන්නෑ. මං කොහොමද මගේ මේ සැකය නැතිකරගන්නෙ. මට එයාව නැති කරගන්න බෑ. මං එයාට ආදරෙයි .

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙහිදී ඔබ හිතන විදිහේ ගැටලුවක් ඇත. කරුණාකර ඔබට ඇයව අවශ්‍ය නම් සැක කරන එක මුලින්ම නතර කරන්න. අනික් වැදගත්ම කරුණ නම් සම්බන්ධයකදී එකිනෙකාට නිදහස කියන දේ උපරිමෙන්ම ලබා දිය යුතුයි. නැත්නම් කසාද බැන්දත් එය දික්කසාදයකින් ඉවර විය හැකියි.

ඇය සමාජශීලී බව දැන දැනත් ඔබ ඇය සමග යහලු වී ඇත. එසේනම් ඇයට කලින් එම කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නට තිබුණා. නමුත් ඇය ඔබව තෝරා ගත්තා. ඒ නිසා ඔබ හිතන විදිහේ වරද මුලින්ම වටහා ගන්න. ඇයට අවශ්‍ය නිදහස ලබා දෙන්න. ඇයට මිතුරු මිතුරියන් ඇසුරට නිදහස ලබා දෙන්න. ඔබද ඒවාට යොමු වන්න. 

සැකය කියන දේ නිසා සම්බන්ධකම් දෙදරා යනු ඇත. එනිසා ඔබ මුලින්ම සැකය නතර කරන්න. දෙදෙනාගේම නිදහස අගය කරන්න. ඔබට ආවේගයක් දැනෙන වෙලාවට වැඩක නිරත වන්න. භාවනාවට පිරිත් ශ්‍රවනයට යොමු වීමද ඉතා යෝග්‍යයි. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 Jun 2020 Sun 2:30 PM

අදහස්