ප්‍රශ්න තොරතුරු

මම A/L කරපු කෙනෙක්. මට කරන්න පුළුවන් government job එකක් දැනගන්න ඕනේ.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ උසස්පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ කුමන විෂය ධාරාවෙන්දැයි සඳහන් කර නොමැති බැවින් එම ගැටලූවට එක්වරම පිලිතුරක් ලබා දීම මඳක් අපහසු කරුණකි. නමුත් ඔබට රජයේ ගැසට් පත්‍රයේ සතිපතා පළවන රජයේ රැකියා පිළිබඳ දැන්වීම් කොටස පරිශීලනය කිරීමෙන් ඔබගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට හැකිවනු ඇත.එමෙන්ම ඔබ රැකියාවක් තෝරාගැනීමේදී ඔබ සතු හැකියාවන් සහ ලැදියාවක් දක්වන ක්ෂේත්‍රයන්ට අදාලව රැකියාවක් තෝරාගැනීමෙන් ඔබට වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය කරා පහසුවෙන් ළගා විය හැකිය. එමෙන්ම ඒ අතරතුර ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමද වැදගත්.එය ඔබ රැකියාවේ උසස්වීමක් ලබා ගැනීමේදී ඔබට වැදගත් වෙනවා.
ඔබට වඩාත් ගැලපෙන රැකියා ක්ෂේත්‍රය සහ ඔබට විවර වී ඇති රැකියා අවස්ථා පිලිබඳව ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යනම් ඔබට ඒ සඳහා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන මධ්‍යස්ථානයේ සහය ලබා ගත හැකිය.ජාතික වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන මධ්‍යස්ථානය නොමිලේ සහ ස්වාධීන පුහුණු පිළිබද තොරතුරු සහ වෘත්තීය මාර්ගෝපදේශනය මෙන් ම ඔබේ සුදුසුකම හා පළපුරුද්දට ගැළපෙන රැකියා ගැළපීම හා සේවා සපයන රාජ්‍ය ආයතනයකි..


අධ්‍යාපන හා පුහුණු පාඨමාලා පිළිබද ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වු විට ඔබේ රැකියා දිශාව හෝ ඉගනීම් විකල්ප පිළිබද සැක ඇති විට හෝ ඔබ රැකියාව සැලසුම් කිරිමේදි හෝ රැකියාව තීරණය කිරිමේදි ඔබට උදව් අවශ්‍ය වු විට www.youthjobs.lk වෙබ් අඩවියේ තිබෙන තොරතුරු සහ මෙවලම්වලට ප‍්‍රවේශ වීමෙන් පසු අවශ්‍යනම් 011-2081808 දුරකථන අංකය ඔස්සේ අදාල මධ්‍යස්ථානය ඇමතිය හැකිය.

ඔබට තව දුරටත් සහය අවශ්‍යනම් කොළඹ 05 නාරාහේන්පිට "නිපුණතා පියස" ස්ථානයේ පිහිටි වෘත්තීය මාර්ගෝපදේශන හා උපදේශන මධ්‍යස්ථානයේදී වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරින් සතියේ දින පහේම උදේ 8:30 සවස 4:15 දක්වා හමු විය හැක.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jul 2020 Fri 12:02 PM

අදහස්