ප්‍රශ්න තොරතුරු

කලින් විවාහ වෙලා එක පුතෙක් ඉන්න කෙනෙක්. පුතාට අවුරුදු 12යි. දික්කස්සද වෙලා නෑ. එයාගේ wife වෙන කෙනෙක් එක්ක ගිහින්. එයාව මං බැන්දොත් ප්‍රශ්නයක් වෙයිද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ විවාහකද අවිවාහක  යන්න මෙහි දක්වා නැත. නමුත් ඔහු විවාහකයකු (සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ අයෙක් නම් )වන නිසාද   දික්කසාද වී නොමැති නිසාත් ඔහුට තවත් විවාහයක් නීත්‍යානුකූලව කරගත නොහැක. එය ලංකාවේ නීති සංග්‍රහය යටතේ වරදකි . 

අවශ්‍ය නම් දරුවාගේ භාරකාරත්වය වෙනුවෙන්  ඔහුගේ සැබෑ මවට නැවත නීති ක්‍රියා මාර්ග වලට පිවිසිය හැක . 

මෙහිදී ඔබ සලකා බැලිය යුත්තේ ඔබගේ වෛවාහක සුරක්ෂිතතාවය. 

ඔබ විවාහ වීමට ඔහු සමඟ කටයුතු කිරීමට නම් ඔහු ගේ දික්කසාදය ප්‍රථමයෙන් ලබාගෙන දරුවාගේ බාරකාරත්වය පිළිබඳ ගැටලුව ද නිරාකරණය කරගත යුතුය . 

එවිට ඔබට ඔහු සමග විවාහ වීමට ගැටළුවක් නැත . ඔහු ද්වේශසහගත හැරයාමට ලක් වී ඇත් නම් පහසුවෙන්ම දික්කසාදය ලබා ගැනීමට හැකියාව ඇත .  ඔබ ඔහුගේ දික්කසාදයක් නොමැති ව ඔහුව විවාහ කර ගත හොත් ඔබ අගතියට පත් වන පාර්ශවයක් වන අතර ඔබගේ විවාහය බලරහිත එකක් වනු ඇත . එම නිසා ජීවිතය සම්බන්ධ මෙවැනි තීරණ වලදී ඉහළ අවබෝධයකින් කටයුතු කිරීම උචිත ය .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jul 2020 Fri 1:40 PM

අදහස්