ප්‍රශ්න තොරතුරු

Doctor, කෙනෙක් කුඩු පාවිච්චි කරලා නවත්තල ආපහු අවුරුද්දකින් විතර පාවිච්චි කරන්න ගත්තොත් එක බෙහෙත් කරලා නවත්තන්න බැරිද? නවත්තන්න පුළුවන් නම් ඒ කොහොමද? මට ඒ සම්භන්ධ උපදෙස් ටිකක් දෙන්නකෝ.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඖෂධ මගින් මෙවැනි පුරුදු ඇබ්බැහි පාලනය කිරීමට හැකියාව තිබේ නමුත් ඒ සඳහා ප්‍රථමයෙන්ම මනෝවෛද්‍ය  උපදේශන සේවාවක් හරහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුය . ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරන ප්‍රමාණය සහ එහි බලපෑම මත ප්‍රතිකාරය තීරණය වේ  

නිවැරදි ආකාරයට පුනරුත්ථාපනය නොවුණු විට නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිදු විය හැක එබැවින් ඔවුන් නියමිත ආකාරයට එම නිසා එවැනි සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පොදු පුනුරුත්ථාපනය වන අතරම ප්‍රතිකාර ලබා ගත යුතුය එවිට මෙම පුරුදු නැති කර ගැනීමට හැකියාව තිබේ 

මේ සඳහා අදාළ පුද්ගලයාව ළඟම රජයේ රෝහලේ ඇති මනෝ වෛද්‍ය සායනය වෙත යොමු කොට විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jul 2020 Fri 1:55 PM

අදහස්