ප්‍රශ්න තොරතුරු

මගේ වයස 28 යි. මට තියෙන ගැටලුව නම්, පුද්ගල නම් ගම වගේ දේවල් ඉක්මනින් අමතක වීම. මගේ යාලුවන්ගේ නම් පවා අමතකයි. ගොඩක් දේවල් මතක් කර ගන්න අමාරුයි එක පාරටම. මෙය දැනට වසරක පමණ සිට ඇත. මෙය රෝගයක්ද? මා doctor කෙනෙක් හමුවිය යුතුද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට අමතක වන්නේ පුද්ගල නාම පමණක් නම් එතරම්ම බිය විය යුතු නැත . නමුත් ඔබට වෙනත් සිද්ධීන් සහ පුද්ගලයන් අමතක වේ නම් එය තරමක් පරික්ෂාකර ගත යුතු තත්ත්වයකි . 

සාමාන්‍යයෙන් පුද්ගලයන්ගේ නම් අමතක වීම ඕනෑම කෙනෙකුට විය හැකි සිද්ධියක් බව මනෝ වෛද්‍ය විද්‍යාවේ දී ඉගැන්වෙයි . ඊට හේතුව ඒවායේ පවතින අවම විශේෂ තාවය හා අඩු සංඛ්‍යාතයකින් යුක්ත වචන වීමයි . නම අමතක උවත් ඔබට පුද්ගලයකු දැක්ක ගමන් අඳුනාගත හැකි නම්  එයින් කියවෙන්නේ ඔබගේ මොළයේ මතකය සම්බන්ධ ක්‍රියාකාරීත්වය පවතින බවයි.  

නමුත් සමහර තත්වයන් වල දී ස්නායු දුර්වලතා දුර්වල තාවයන් නිසා මෙවැනි අමතක වීම් සිදු විය හැක . එමෙන්ම මොළයේ ඇති විවිධ කොටස් වල  ක්‍රියාකාරීත්වය මතකය  ඇති කිරීමට වැදගත් වේ . මේ එක් කොටසක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොවුවහොත් හැකවුවහොත් මෙවැනි අමතක වීම් සිදු විය හැක .  

ඔබට කළ හැකි යෝජනා වන්නේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටලූව පරික්ෂා කරවා ගැනීමයි . මේ වසරක පමණ කාලය පුරා බඩ පවතින දෙයක් නම් හා එම තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවක් පෙනේ නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වීම උචිතය . 

මෙය බොහෝ විට  එක්තරා රෝගයකට  වඩා  කෙටි කාලීන නැවත යථා තත්ත්වයට පත් කළ හැකි තත්ත්වයක් වීමට බොහෝ ඉඩ ඇත .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Jul 2020 Fri 2:06 PM

අදහස්