ප්‍රශ්න තොරතුරු

hi මං business එකක් කරන්න හැදුවත් එකට ශක්තිය නැති වෙලා යනවා මගදී. මට වෙයි හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ යොමු කර ඇති කරුණු අනුව වියාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් ඇති බව පෙනේ, එසේම මිට පෙර ඔබ වියාපාරයක් ආරම්භ කර ඇතිද යන්න ගැන පැහදිලි මදිය. කෙසේ වෙතත් ඔබ සඳහන් කරන පරිදි වියාපාරය ගැන ඇති ඍන අදහස් නිර්මාණය කරගෙන ඇත්තේ කුමන කරුණු නිසාද යන්න තව දුරටත් කතා කලයුතු වේ. ඔබ අලවි කරන්න යන්නේ කුමන භාණ්ඩද? සේවාවක්ද? ඒවාට ඔබ අලවි කරන ප්‍රදේශයේ ඉල්ලුම කෙසේද? ණයක් ලබගන්න්වාද? එහි වාරිකය? කැප කල හැකි කාලය? වියාපාර සැලැස්මක් තිබේද? යන කාරනා ගැන සොයා බැලීම වැදගත් වේ. මේ සඳහා උපදෙස් ලබා ගැනීමට රාජ්‍ය කාර්මික සංවර්ධන මණ්ඩලය දුරකතනය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක. දුරකථන අංකය 011-2605326 / 011-2605327.ඔබට සිතෙන පරිදි මෙම ඍන අදහස් ඇති කරගෙන ඇත්තේ ඔබ විසින්ම නම් ඒවා පාලනය කිරමට ඔබට හැකිය. ඔබ කියන පරිදි ඔබට ශක්තියක් නැති වෙලා යනවා කියන කාරණය හා මගදී කරගන්න බැරි වෙයි කියලා හිතෙන්නේ මිට පෙර එහෙම වෙලා තිබෙන නිසාද ? තමන් ගැන විශාල ආත්ම විශ්වාසයකින් හා මහන්සි වී වැඩ කරමින් ඉලක්ක ලඟා කරගන්න තුරු අකණ්ඩව වැඩ කරන ඕන කෙනෙකුට ජයගන්න පුළුවන්. ඒ හැකියාව ඔයාටත් තියනවා. ඒ සඳහා යෙහෙළි ඔබ සමග තව දුරටත් කතා කරන්න සුදානම්.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Jul 2020 Wed 10:42 PM