< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ජිවිතේ මාර තනිකමක් දැනෙනවා. එපා වෙලා. කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ. හැම තිස්සෙම තනිවෙලා වගේ දැනෙනවා. ජිවිතේ එකම විදියට ගලාගෙන යන්නේ, කිසිම සතුටක් නෑ. කියන්න කෙනෙකුත් නෑ. මොකක්ද කරන්නේ?

 



ඔබේ වයස විවාහක තත්ත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය දන්වා එවා තිබේ නම් මේ සඳහා නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් තිබිණි . 

කෙසේ නමුත් ඔබේ ජීවිතේ පාළුව හා තනිකම , එපා වූ ගතිය දැනෙන්නට   හේතුව යම් ආකාරයක සංකාව  (Anxiety) හෝ විශාදය (Depression)වැනි තත්වයක් විය හැක. 

මෙවැනි තත්ත්වයන් බොහෝ පුද්ගලයන් තුළ අඩු වැඩි වශයෙන් පවතී . මේවා එක්තරා ආකාරයක මනෝ ව්‍යාකූලතාවයන් .  ඔබට ජීවිතය ගලා නො යන ආකාරයක් හෝ අරමුණක් නොමැති බවක් දැනෙන්නේ ඔබට නිශ්චිත ඉලක්කයක් හෝ අරමුණක් නැති නිසාවෙනි .  ඔබ සිටිනා වයස්  සීමාව මත ඔබට මේ සඳහා බලපෑ හැකි හේතු අනුමාන කිරීමක් කළ යුතුය .  ඔබේ ගැටළුව අප මෙහි ලබා දෙන්නේ අනුමාන උපදෙසක් පමණි  .  

ඔබට යම් මානසික අව පීඩනයක් ඇතිවීමට හේතුවක් තිබේ නම් ප්‍රථමයෙන් එය සොයා ගන්න. ඉන් අනතුරුව එම තත්ත්වය නැතිකර ගැනීමට යෙදිය හැකි ක්‍රියාකාරකම් හෝ තෙරපී  ක්‍රමයක් පිළිබඳ උපදෙසක් ලබා ගන්න .  ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ කිසිම ප්‍රශ්නයක් සදාකාලිකව නොපවතින බවයි . ඔබේ ගැටලු ද  කාලයත් සමඟ මගහැරී යනු ඇත .  

ඔබට අවශ්‍ය කරන්නේ මනස දැඩි කරගෙන ගැටළුවට මුහුණ දීමට උත්සාහ කිරීමයි.  

හැකි තරම් යහළුවන් සහ පවුලේ අය සමඟ හෝ සංවාදයේ යෙදීම මේ තත්ත්වය බොහෝ දුරට මඟ හරවා ගත හැක . නැත හොත් විනෝදාංශය ක යෙදීම වුවද උපකාරී වේ  

හැකිනම් ඔබ මෙලෙස පත්වීමට හේතු වූ ප්‍රශ්නය ඔබේ අනෙක්  තොරතුරු සමඟ අපට යොමු කරන්න . එය සලකා බලා ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇත . 



ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 12:07 PM