ප්‍රශ්න තොරතුරු

මගේ පෙම්වතියට ගිය මාසේ 16 එනම් 2019.03.16 දින අවසන් වරට ඔසප් වීම සිදුවිය. නමුත් අප ලිංගිකව එක්වී නොමැත. එහෙත් මේ මස පළමු දින 2014.04.01 දින අත් මගින් සතුටු වුනා. ඇඟිලි වලින් යෝනිය ස්පර්ශ කිරීමත් පුරුෂ ලිංගය ඇය විසින් අත ගෑමත් සිදු උනා. එහෙත් ශුක්‍රානු ගෑවීමක් සිදු වුනේ නැහැ.නමුත් තවමත් යට මෙවර ඔසප් වීම සිදු වී නැහැ.2019.04.23 වන විටත් ඔසප් වී නොමැත. එයට හේතුව කුමක් විය හැකිද? ඇයගේ ඔසප් වීම අක්රමවත්වේ. නමුත් මෙච්චර දවස් ප්‍රමාද වී නැහැ. ඇයගේ උස ආදී 5 බර 50කිලෝග්‍රෑම් පමණ වේ. ලඟදි සිට මහත් වීමක් සිදුවිය. මස දෙකක පමණ ඉන්දල උදරයේ නෙරායමක් ඇත.තෙල් හා පිටි අහර වැඩියෙන් ගන්න නිසා. මට ඉක්මනට උදවු කරන්න.

 



ඔබගේ පෙම්වතියගේ ඔසප් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රමවත්ව මෙතෙක් කල් පැවති තිබුනේ නම්, 03/16 වන දින අවසන් වරට සිදුවූ ඔසප් වීම, මෙවර එනම් 04/16 දින හෝ එම දිනට අසන්න දිනක සිදු වීම සාමාන්‍යයෙන් බලපොරෝතුවිය යුතුය. ඇය එසේ ක්‍රමවත් ඔසප් වීමක් සිදුවන ස්ත්‍රියක් නම් ඩිම්බ මෝචනය (සරු කාලය, එනම් ගර්භනී බවට පත් වීමට හැකි කාලය) ඔබ දෙපල ලිංගික ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කල දින (04/01) සමග බලන විට ඉතා අසන්න වේ. ඔබ පවසන පරිදි ලිංගික ක්‍රියාකාරකම් වලදී පුරුෂ ලිංගය යෝනී මාර්ගයට ඇතුල් කල බවක් සඳහන් නොවුවත්, ඇඟිලි වලින් ලිංගික ක්‍රියා සිදුකර ඇත. ශුක්‍රාණු පිට නොවුණු බව ඔබ පවසන නමුත්, ලිංගික උත්තෙජනයකදී පිට විය හැකි තරලයේ(Precum )ශුක්‍රාණු අන්තර්ගතවිය හැකිය. එම තරල ඇඟිලි වල තැවරී යෝනි මාර්ගයට ඇතුළු විය හැකිය. මෙය සිදු වන්නේ ඉතාම කලාතුරකිනි. එවිට අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදු විය හැකිය. එවිට මුත්‍ර සාම්පලයක් HCG පටියක් ආධාරයෙන් පරීක්ෂා කිරීම සිදු කල හැකිය. නමුත් ඔබගේ පෙම්වතිය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති තැනැත්තියක් බව ඔබ පවසා ඇති නිසා එවන් අවස්ථාවක කලබල නොවී, තව කිහිප දිනක් අවදානයෙන් සිටීම කල යුතුය. මන්ද මෙය කිසිසේත්ම ගර්භණී තත්වයක් නොව සාමාන්‍ය තත්වයක් විය හැකි වීම නිසාය. ඔබ දෙපල සතියක් මේ කෙරේ අවධානය යොමු කරමින් සිට ඇත. නමුත් ඔසප්වීම් සිදු වී නැත. ඇය HCG පටියක් පරික්ෂා කිරීම සිදු කල යුතු අතර, එමගින් අනවශ්‍ය බිය අවම කල හැක.
තවත් වැදගත් දෙයක් වන්නේ ඇය පසු ගිය කාලය තුල මහත් වීමය. නමුත් දී ඇති දත්ත අනුව ඇය අධි බර සහිත ස්ත්‍රියක් නොවන බව පැහැදිලිය(බර=50, උස=අඩි 5). බර අඩු හෝ වැඩි වීම ඔසප් ක්‍රියාවලිය වෙනස් කරන ප්‍රධාන හේතු සාධක වේ. එමගින් සිරුරේ හෝර්මෝන ක්‍රියාවලිය වෙනස් වීම සිදු විය හැක. තවද මානසික පීඩනය, ගිලින හෝර්මෝන පෙති, ඩිම්භ කෝෂ සම්බනධ ලෙඩ රෝග නිසාද මෙවන් ඔසප් වීම සම්බන්ධ ගැටළු පැන නගින අතර, සිරුරේ Thyroxin හොර්මොනයේ වෙනස්කම් සිදු වීම මෙවැනි ඔසප් වීම ප්‍රමද වීමට ප්‍රධාන හේතුව විය හැක. එම නිසා ඔබගේ ලඟම වෛද්‍ය වරයා හෝ වරිය මුණ ගැසී තව විස්තර ලබා ගන්න.


ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 1:49 PM

අදහස්