ප්‍රශ්න තොරතුරු

මන් මගේ කලින් පෙම්වතා එක්ක ලිංගිකව එක්වෙලා මගේ කන්‍යා භාවය නැති උනා. පසුව මන් වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා එක පරණ කෙනාට අහු වුනා. එයා සේරම අලුත් එක්කෙනාට කිවුවා. දැන් පරණ කෙනා මත එක්ක කතා කරන්නේ නෑ. මන් සමාව ගත්තට එයා ගණන් ගන්නේ නෑ. මන් දැන් මොකක්ද කරන්නේ?

   



ඔබට  තවමත් වයස  විසි එකක් වන බැවින් මෙවැනි ගැටලු ඇතිවීම ස්වභාවිකය 

ඔබට  පෙම්වතුන් දෙදෙනාම අහිමි වී ඇති බව පෙනේ . නමුත් හැඟීම් වලට මුල් තැන දුන් මෙවැනි සම්බන්ධතා නැති වීම සාමාන්‍ය දෙයකි.  ඒ ගැන වද විය යුතු නැත . 

 ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මේ සිද්ධිය අමතක කර දමන්න 

තවද ඔබ අවංක විය යුතු  මෙන්ම හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම ඉදිරි ජීවිතයේ මෙවැනි ගැටළු වලින් වැළකීම සඳහා උදව් වේ 

තාමත් අඩු වයසේ සිටින නිසා විවාහයට පෙර මෙවැනි ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්  යම් යම් බාධක වලට මුහුණ දීමට සිදුවන බව ඔබටම වැටහෙනු ඇත . ඒ ගැන කල්පනාකාරීව සම්බන්ධතාවයකදී කටයුතු කිරීම වැදගත් වේ



ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 3:28 PM

අදහස්