ප්‍රශ්න තොරතුරු

මම girl kenek, 30 yrs. මගේ 1st affair එක 4yrs තිබුනා. at my university. දැන් ඒක ඉවර වෙලා 6yrs.දැන් ඒ boy marry කරලා බබෙක් ඉන්නවා. එයා තවම මට කෝල් කරනවා ඉඳල හිටලා විස්තර අහන්න. එයා මාත් එක්ක affair එක තියන කාලේ වෙන grl කෙනෙක් එක්ක යාලු වෙලා ඉඳලා මට cheat කළා. දැන් එයාව තමයි marry කරලා ඉන්නේ.එයා මට cheat කරපු නිසා මට කොල්ලෝ එපා වුනා. ගොඩක් අමාරුවෙන් හිත හදාගත්තේ. ඒ affair එක නැති වුනේ 2013.Then මට proposal එකක් ආවා ගෙදරින්. 2015. එයා ගොඩක් හොඳ කෙනෙක්. මම එයත් එක්ක1month වගේ කතා කළා.එයා හරිම හොඳයි. එත් ඒ කාලේ මට boyslawa පෙන්නන්න බැරි වුනා. ඊටපස්සේ මන් එයත් එක්ක කතා කරන එක නැවැත්තුවා. එයා වෙන කෙනෙක්ව mry කලා. මට දැන් තමයි තේරෙන්නේ මන් එයාට කොච්චර ආදරේ කලාද කියලා.එයා තමයි මට ඇත්තටම ආදරේ කලේ. මට දුකයි මන් එයට බොරුවක් කළා කියලා මතක් වෙනකොට. මට වෙන කෙනෙක් marry කරන්න හිතෙන්නෙත් නෑ. එත් මට මැරෙන්න හිතෙනවා මේ ඔක්කොම අතෑරලා. මන් මේවා වෙන කාටවත් කියන්න කැමති නෑ.හැමෝටම පෙන්න හිනා වෙලා ඉන්නේ. Plz මන් මොකක්ද කරන්න ඕනේ?

 



ඔබ පත් වී ඇති මානසික ව්‍යාකූල භාවය අපට තේරුම් ගත හැක . මෙම ගැටලුව ඔබගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන්නන් ලෙස නො සිතිය යුතු ය . ඔබ නැවත නැවත සිහි කරන්නේ අතීතයේ ඔබ රිද වූ දේවල් බැවින් එයින් ඔබට ඇතිවන සෙතක් නැත . අතීතය නැවත නිවැරදි කල නොහැකි අතර අප ජීවත් වන්නේ වර්තමානයේ බැවින් එය අනාගතයට වැඩදායි ලෙස ගත කිරීමට අප සිතා ගත යුතුය . 

පුද්ගලයන් ඇති වීම නැති වීම ද, ආදර සම්බන්ධයක් ඇති වීම නැති වීම ඕනෑම මොහොතක සිදු විය හැක . මෙම ලෝක ස්වභාවය අපට වෙනස් කළ නොහැක . අපට කළ හැක්කේ අපේ සිත පාලනය කර ගැනීම සහ එය වඩාත් ශක්තිමත් කරගෙන එම අවස්ථාවන් වලට මුහුණ දී ජීවිතය ජය ගැනීම පමණි .

 ඔබට ජීවිතයේ තවත් බොහෝ දේ කිරීමට ඉතුරු වී ඇත . මෙය ඉතා කුඩා අභියෝගය කි . ඔබට සුදුසු අයෙකු නැවතත් මුණ ගැසෙනු ඇත. එබැවින් පසුගිය අහිමි දේ ගැන සිතා දුක් වෙන්න එපා . අනෙක් අතට ඔවුන්ගේ ජීවිත වලට ඔබ  බලපෑමක් වීමෙන් වෙනත් ප්‍රශ්නයක් පවා ඇතිවිය හැකියි . 

ඔබට දිය හැකි එක උපදෙසක් වන්නේ ඔබේ  පළමු පෙම්වතා සමඟ කතාබහ කිරීම මේ ප්‍රශ්නය සමහර විට වැඩි වීමට හේතුවක් විය හැක . එ බැවින්  අමතක  කළ යුතු දේ එසේ කිරීමටත් සිත සැහැල්ලු කර ගැනීමටත් එම ක්‍රියාව නතර කිරීම හොඳය . 

අපේ ජීවිතයේ නොයෙක් අවස්ථාවල විවිධ පුද්ගලයන් ප්‍රිය යන් සහ අප්‍රියන් ලෙස පැමිණෙන අතර මිහිරි මෙන්ම අමිහිරි මතක ජීවිතයට එක් කරයි . ඒවා බොහොමයක් තාවකාලික වන අතර කාලයත් සමඟ විසඳී යනු ඇත .  

නමුත් ඔබට මෙය දැඩි ලෙස මානසික පීඩනයක් ගෙනදෙන ප්‍රශ්නයක් නම් ඔබ කළ යුත්තේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමු වී ඉක්මනින්ම  ඔහු සමඟ මේ ප්‍රශ්නය සාකච්ඡා  කිරීමයි . 

ඔබට රජයේ රෝහලක දී  මේ කාර්යය කිරීමට අපහසු නම් පුද්ගලිකව වෛද්‍යවරයකු හමුවී ඉතා විස්තරාත්මකව ඔබේ ගැටලුව පවසා උපදෙස් හා අවශ්‍ය නම් ප්‍රතිකාර පවා ලබා ගත හැකිය . 

දිවි නසාගැනීමට සිතීම ඔබ කිසිසේත් ම නො කළ යුත්තෙකි . මක්නිසාදයත් මෙවැනි ගැටලුවක ඔබටවත් වෙන අයෙකුට  වත් ලැබෙන කිසි ප්‍රතිඵලයක් නැති නිසාවෙනි . 

මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුෂ්කර හා වටිනා දෙයකි . එය ඔබට පමණක් නොව නොව සමාජයට පවුලට සහ සහ අන්‍යයන්ට වැඩදායි ලෙස ඔබට පවත්වාගෙන යා හැකි නම් එය ඉතා විශිෂ්ට වෙයි . තාවකාලික නවාතැන් පොළකදී ඇතිවන මිහිරි අමිහිරි සිදුවීම් සියල්ල දරා ගැනීම මනුෂ්‍යයන් වශයෙන් අප ප්‍රගුණ කළ යුතු ය  . කිසිවෙකුට සැමදා කිසිවක් අහිමි නොවන අතර ඔබට සාර්ථක ජීවිතයක් ලැබෙන දවසක් ඉතා ලගදීම පැමිණෙනු ඇත . ඒත් ඒ අතීතය අමතක කර අනාගතයට මුහුණ දීමට ධෛර්යයෙන් යුතුව වැඩකටයුතු සැලසුම් කර ගන්න . 

ඔබට අවශ්‍ය හැඟෙන  ඕනෑම අවස්ථාවක  යෙහෙළි හරහා අප අමතන්න. අප ඔබට අවශ්‍ය උදවු කිරීමට සූදානම් 



ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 3:49 PM

අදහස්