ප්‍රශ්න තොරතුරු

මන් ගොඩක් ආදරේ කරපු කෙනා වෙන කෙල්ලෙක්ටත් ආදරේ කරලා අවුරුද්දක් අපි ආදරේ කළා. එයා ඒ කෙල්ල එක්කත් යාලු වෙලා ඉඳලා.එයා මට ගොඩක් ආදරේ කළා. මට කිසිම වෙනසක් කලේ නෑ. එත් එය මට බොරු කළා. දැන් මට එයාව ඕනේ නෑ. බොරුකරයෝන්ට මන් අස නෑ. මට වයස 18යි. දැන් මට එක ගැනම මතක් වෙනවා. මාර දුකයි. හුස්ම හිර වෙනවා වගේ දැනෙන්නේ. මට study කරන්න හිතෙන්නෙත් නෑ. මන් කොහොමද එයාව අමතක කරන්නේ? මට උදවු කරන්න.

 



ආදරය නිසා ඇතිවන වේදනාවන් දරුණුයි. අපි ආදරයට තියන ආසාව වැඩි තරමටම ඒහා සමානව දුකත් වැඩිය . 

ඔබ ජීවිතයට අරමුණක් ඇතිකර ගන්න.. එය ඉටුකර ගැනීමට සැලසුමක් හදා ගන්න. හැබැයි අරමුණට කිසිවෙක් සම්බන්ද කරගත නොයුතුයි. මොකද අපිට පුද්ගලයන් කව්දකියල නිශ්චිතවම අදුරගන්න බැ. සමහර විට ජීවිත කාලයක් ආශ්‍රය කලත් අපිට පුද්ගලයා කවුද කියලා හොයාගන්න බැ.. එනිසා කල යුතු හොදම දෙය තමයි ජීවිතයේ යථා ස්වරුපය අවබෝධ කරගෙන තමාගේ පැත්තෙන් තමාට කරන්න තියන දේවල් නිවැරදිව ඉටුකිරිමයි. 

ඔබ කුඩා අවදියෙ පසුවන නිසා අද්දැකීම් අඩුයි. මෙවැනි තත්ත්ව සමාජයේ සුලබයි. ඔබ දැන් ඒ ගැන ඉගනගන්න. ඉදිරියට විවිධ පුද්ගලයන් සමග කටයුතු කරන විට ඕනවට වඩා විශ්වාස නොකර, හැබැයි ඕනවට වඩා අවිශ්වාසත් නොකර කටයුතු කරන්න. මොකද ඇත්තට නිවැරදි පුද්ගලයෙක් අවිශ්වසකලොත් ඔබ‍ට පාඩු සිදුවේවි. එනිසා මද්‍යස්තව සිතන්න. ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක වෙනස් විය හැකි බව සිතට නිතර නිතර පවසාපුරුදු කරන්න.එවිට වෙනස් වූ විට දැනෙන දුක අඩුයි. 

ඔබගේ සිතට ඔහුව මතක් වෙනකොට, ජීවිතයේ යථා ස්වරුපය වෙනස් වීම බව සිතන්න. එම සිදුවීම නිසා තමාට සිදුවූ පාඩු සිතන්න .. අතීතය තුළින් පාඩම් ඉගනගෙන අනාගතය නිවැරදිව සකසා ගන්න.. ජීවිතය සාර්ථක කරගැනීමට උදව් වෙන්නේ අත්දැකීම්. එනිසා පාඩුවක් සිදු උනායයි නොසිතන. අත්දැකීම් ගොඩක් වටිනවා.. 

දැන් ඔබ හොදින් අද්‍යාපනය සිදුකරන ගෙන තමාට නිශ්චිත රක්ෂාවක් හොයාගන්න. එවිට කවුරුත් නැතුව වුනත් තනිව හෝ ජීවත් විය හැකිය. නැතිනම් අපි ඉගනීමට ඇති කාලය වෙනත් පුද්ගලයන් වෙනුවෙන් කැපකරලා, අන්තිමට ඒ පුද්ගලයත් නෑ. ඉගැනීමත් නෑ. හොදින් තේරුම් ගන්න පුද්ගලයන් නම් ඕන කාලයක සොයා ගත හැකිය. හැබැයි හැම කාලයම ඉගනගන්න බැ. අදාල කාලය අතපසු උනොත් ආය කරන්න දෙයක් නෑ.. 

එනිසා හොදින් සිතා වැඩකරන්න.  සිතට ඔහුව මතක් වෙනකොට ඉහත පරිදි සිතන්න සිතට හුරු කරන්න.. දවසට සුළුවශයෙන් භාවනාවක් හුරුකර ගැනීම, මානසික ඒකග්රතව වැඩිකර ගැනීමට උදවු වේවි. ඔබට අද්‍යාපනයෙදී එය උදවුවක් වේවි. 



ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 4:00 PM

අදහස්