ප්‍රශ්න තොරතුරු

මට කන්‍යා පටලය උපතින්ම පිහිටා නැතිනම් එය ප්‍රශ්නයක් විය හැකියි නේද?.

 



කාන්තාවකගේ කන්‍යා පටලය පළිබඳ නොයෙකුත් මත වාද ආකල්ප නිතර සමාජය තුල දක්නට ලැබේ. අතීත සමාජයේ ජනතාව අනුගමනය කරන ලද බොහෝ කරුණු වර්තමන සමාජය තුල දක්නට නොලැබේ. කාන්තාවන්ට ඇති ප්‍රධානම ගැටලුවක් වන මෙය ගැන කතාකිරීම අත්‍යවශ්‍ය වේ. කන්‍යා පටලය බොහෝ කාන්තාවන් ගේ දක්නට ලැබුණත්, එය පිහිටා නැති කාන්තාවන් ද සිටියි. එය තිබීම හෝ නොතිබීම කාන්තාවකගේ ශරීර සෞඛ්‍ය කෙරේ බල පාන දෙයක් නොවන අතර, සහකරුවා සහ පවුලේ විශ්වාසය බිඳ වටේ යන බිය බොහෝ කාන්තාවන් සතුව පවතියි. එම නිසා පටලය ආරක්ෂා කර ගැනීමට වැඩි දෙනෙක් වෙහෙසෙති. කන්‍යා පටල වර්ග ඇත. ඇතැම් පටල යෝනි විවරය සම්පූර්ණ වශයෙන් ආවරණය වන ලෙස පවතින අතර ශීෂ්නය, ඇඟිලි හෝ වෙනත් උපකරණයක් අතුල් කිරීමෙන් බිඳීයා හැකි අතර ස්වයං වින්දනය කරන අවස්ථා වලදීද බිඳී යාහැක. ඇතැම් පටල යෝනි විවරයේ යම් කොටසකට සීමා වන අතර ඉහත සඳහන් කල ක්‍රියා කාරකම් මගින් පටලයට හානි සිදු නොවිය හැක. එම නිසා ප්‍රථම ලිංගික ක්සංසර්ගයේදී රුධිරය පිට වීම සිදු නොවිය හැක. කාන්තාවක් තවත් කාන්තාවට වෙනස්ය, පටලය නැති කාන්තාව සහ සහකරු එය ගැන අවදානය යොමු නොකරන තෙක්, ලිංගික ක්‍රියාවලියට, උපත් පාලනයට, ගර්භනීභාවයට, ඔසප් වීමේ ක්‍රියාවලියට, බාදාවක් නොවේ. එම නිසා දැනුවත් වීම මගින් මානසික පීඩනය අවම කරගැනීමත් , පවුල් ආරවුල් අවම කිරීම මගින් සාර්ථක ජීවිතයක් ගතකල හැක.


ප්‍රශ්න අසනු ලබයි 16 Jul 2020 Thu 4:04 PM

අදහස්

circle

නිර්නාමික

02 Aug 2020 Sun 10:06 PM

ooo