< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මට වයස අවුරුදු 24. අවුරුද්දක් පමණ සිට මගේ මුඛයේ දකුණු සහා වම් කෙලවර උඩ සහ යට ඤාන දත් වලට සැපි තුවාල වෙනවා.   වෙදනාවක් දැනෙනවා. දන්ත වෛද්‍යවරයෙක්ගෙන්  ඇසු විට පැවසූවෙ උඩ තල්ලෙ ඤාන දත් දෙක ගලවා ඉවත් කරන ලෙසයි.  දත් ගලවා ඉවත් කිරීම අහිතකරයි ද? මෙය කුමක්දැයි දැන ගැනීමට හැකිද? මෙය කුමක් නිසා සිදුවනවාද? දත් ගලවන විට රිදෙනවාද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

දන්ත වෛද්‍යවරයා නියමිත ප්‍රතිකාර කරනු ඇත. දත් ගැලවීම හානියක් නොවේ. දත් වැඩීම අපිළිවෙල නම් හෝ දත් අසාමාන්‍ය නම් කල යුතු හොඳම දෙය ගලවා ඉවත් කිරීමයි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Sep 2020 Sat 7:53 PM