ප්‍රශ්න තොරතුරු

මම වාඩිවෙලා,හාන්සිවෙලා එහෙම ඉදලා නැගිටලා ඇවිදිනකොට ඇස් පෙන්නෙ නැති වෙනවා.සමහර වෙලාවට වැටෙන්න වගේ එනවා.ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ?මම ඒකට මොකද කරන්න ඕනේ???

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ සමබරතාවය පිළිබඳව ගැටලුවක් ඇති බව පැහැදිලියි. ඔබ ඉක්මනින් ENT වෛද්‍යවරයෙක් වෙත ගොස් ඔබේ ගැටලුව කියා පරීක්ෂා කරවා ගෙන, අදාල ප්‍රතිකාර සහ උපදෙස් පිළිපදින්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 Oct 2020 Tue 3:42 PM