ප්‍රශ්න තොරතුරු

මට මගේ ශරීරයේ පැහැය වැඩි කරගන්න පුළුවන් සිංහල බෙහෙත් ටිකක් කියනවද ?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔව්. මුලින්ම ඔබගේ උසට අනුව බර ඇත්දැයි පරීක්ෂා කිරීමත්, ශරීරයේ පරීක්ෂාවත් කල යුතුය. එසේ නොකොට බෙහෙත් නිර්දේශ කල නොහැක. 

තවද සාමාන්‍යයෙන් ඔබට ශරීරයේ පැහැය වැඩි කර ගැනීමට දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කල හැක. තවද ගස්ලබු, කොමඩු වැනි පළතුරුද ඉතා යෝග්‍ය වේ. තවද කොළ පැහැති එලවලුද ඉතාමත් ගුණදායකය. තෙල් සහිත, පිටි සහිත, උෂ්ණාධික ආහාර පරිභෝජනය අඩු කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 8:55 AM