< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මම කෙනෙක්ට ආදරේ කරා.. එය මගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ .. එය මට රූම් වලට යන්න අඩගැහුව මම ගියේ නැහැ. එයා කිවුවා ආදරේ නිසා වීඩියෝ කෝල් එකක් අරගෙන මගේ ඇග පෙන්නන කියල. මම හිතුව එහෙම කලොත් මට හානියක් නොවන නිසා වීඩියෝ කෝල් අරගෙන පෙන්නුවා.එය ඒවා ස්ක්රීන්ශෝට් අරගෙන, ඒවා පන්නල මගෙන් සල්ලි පවා ගත්තා ලක්ෂ 3ක් එය ඒවා ෆ්බ් යාළුවන්ට යවල තිබුන. දැන් මම වීඩියෝ කෝල් ගන්න බයයි. ලොකු ඔලුවේ කැක්කුමක් ලොකු බයක් මට දැනෙනවා. මොකද්ද මම දැන් කරන්නේ ?

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක් බව මට වැටහෙනවා. ඔහු කර තියන දෙය නීති විරෝධයි . මෙය ඔබට සාක්ෂි ඇත්තනම් ඔප්පු කර පෙන්වා ඔහුට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගත හැකිය . ඒ සදහා, ඔබගේ දෙමව්පියන් හෝ විශ්වසවන්තකෙනෙක් ගේ උපකාර ලබා ගන්න. ඔබගේ පැමිණිල්ල මත එවැනි videos අන්තර් ජාලයෙන් අයින් කර ගත හැක.

ඒ අතරම, මින්පසු කිසිම පුද්ගලයෙක් video call කර ඔබගේ නිරුවත් හෝ අඩ නිරුවත් චායාරූප හෝ video ඉල්ලුවොත් එවැනි ඉල්ලීම් ඉටු කරන්න එපා. ඔබට අවන්කවම ආදරය කරන කෙනෙක් කිසිදා ඔබගේ එවැනි ෆොටෝස් හෝ videos ඉල්ලන්නේ .නැත. කවුරු හරි කෙනෙක් එවැනි ඉල්ලීමක් කලොත් ඔහු හෝ ඇය අවංක නොවන බව මතක තියාගන්න. අවංක ආදරයට එවැනි පින්තුර/video හුවමාරුවක් අවශ්‍ය නැත. Video call ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වෙන්නේ අනික් කෙනාගේ ඉල්ලීම් මතය් . ඔබ සාමාන්‍ය පරිදි හැඳ පැළඳ, කතා කරන්න, නමුත් නොදන්නා පුද්ගලයන්ව විශ්වාශ කරන්නත් ඔව්න්ගේ ඉල්ලීම් ඉටු කරන්නත් ඔබ බැදී නොමැති බව මතක තබා ගන්න. ඔබ දන්නා පුද්ගලයෙක් උනත්, ඔව්න්ගේ කතා බහෙන් , කරන ඉල්ලීම් වලින් ඔවුන් මොනවගේ පුද්ගලයන්ද යන්න තීරණය කර හැක.

වහාම පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

ඔබේ ගැටලුව සම්බන්ධව තවදුරටත් කථා කිරීමට "හිතවතී" හා සම්බන්ධ වන්න. එය සයිබර් අවකාශයේ හිරිහැරයන්ට මුහුනදෙන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මකාවන සේවාවකි. ඔවුන් නව තාක්ෂණික උපකරණ භාවිතය පිළිබද උපදෙස් ලබාදීම, සයිබර් අපරාධ වැළක්වීමට අවශ්‍ය සහය ලබාදීම සහ අවබෝධයෙන් යුතුව තාකෂණය භාවිතා කරන අකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඔබට ඔවුන් සමග සම්බන්ධවීමට 011-421-6062 දුරකථන අංකය භාවිතා කල හැක

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 9:06 AM