< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මම ආදරේ කරන කෙනා පුංචි දේටත් කේන්ති ගන්නවා.මැරෙනවා කියනවා.සමහර වෙලාවට පිහියක් එහෙම අරන් බෙල්ලටත් තියාගන්නවා.සමහර පුංචි ප්‍රශ්න වලදි එයා එවා විසදන්න බලන්නේ නෑ.මම තමයි වැරදි සමාවෙන්න කියනවා.ඒක කියන්නෙ කේන්තියෙන් මයි.එයා හරි හොද කෙනෙක්.නරක වැඩ කරන්නෙ නෑ.මට එයාගෙ හිතට ශක්තිය දෙන්න ඕනේ.අපි හැමෝගෙම අඩුපාඩු තීනවා.ඒනිසා එයාව දාලා යන්නත් මට බෑ.සමහර වෙලාවට දරාගන්න බැරි උනාම දාලා යන්න හිතෙනවා.ඒත් වෙන කෙනෙක්ගෙ උනත් අඩුපාඩු තියෙනවනේ.ඒනිසා මම එයා දාල ගිහින් වරදක් කරනවට වඩා මට එයාගෙ හිත ශක්තිමත් කරන්න විදියක් කියන්නකෝ.මට වෙලාවකට හිතෙනවා එයා හැසිරෙන්නෙ මෝඩ විදියට කියලා.එයා මම ආදරය කරන කෙනා ඉතින් මට එයාගෙ ඒ අඩුපාඩු හදන් සතුටින් ඉන්නයි ඕනේ.මම මොකද කරන්න ඕනෙ???

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටලුව වැටහේ. නමුත් මෙහිදී ඔබ සිතන ආකාරයත් නිවැරදි නොවේ. ඔය අයුරින් හැසිරෙන අයෙක් ඒවා හදාගෙන යතාතත්ත්වයට පත් වන්නේ ඉතාමත් අතළොස්සකි. එවැනි ලුද්ගලයන් විවාහය නතර වන්නේ දික්කසාදයකින් විය හැක. මන්දයත් විවාහ ජීවිතයේ එන ගැටලු වලදී සියදිවි නසා ගැනීමට මෙන්ම අනියම් සබඳතාවයන්ටද යාමේ හැකියාව වැඩිය. එනිසා ඒවා සිතා බලා ඔබ ගන්නා නිවැරදිම තීරණය සම්වන්ධය නතර කර, ඔබටත් ඔබේ බුද්ධිමට්ටමටත් ගැළපෙන අයෙක් සමග විවාහ වීමයි.

ඔබත් දුර දිග නොබලා තවදුරටත් ඔහුව නිවැරදි කිරීමට උත්සහ කරනවා නම් හැකී ඉක්මනින් ඔහු මනෝඋපදේශකයෙකු වෙත යොමු කරන්න. එහිදී අදාල උපදේශන සහ ප්‍රතිකාරයනට ඔහුව යොමු කරනවා ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 3:38 PM