< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් කඩල කුරක්කන් වලට මහත් වෙනවද. මේවද හොඳ බත් කන එකද හොඳ ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බත්, කඩල, කුරක්කන් යන ඒවායින් වඩා හොඳ කුමක්ද යන්න තේරීමම ඉතා අපහසුය. හේතුව නම් බත් යනු අපගේ ජාතික ආහාරයයි. එහි අපේ ශරීර වර්ධනයට අත්‍යවශ්‍ය කාබොහයිඩේට ආදීවූ සංඝටක විශාල වශයෙන් ඇති බැවිනි.

කඩල, කුරක්කන් යන ධාන්‍ය මගින් ලැබෙන කාබොහයිඩ්‍රේට ප්‍රමානය බත් වලට සාපේක්ෂව අඩුය. නමුත් අත්‍යවශ්‍ය ප්‍රෝටීන සහ විටමින බහුලය.

මෙහිදී ඔබේ පැනය නම් මහත් වන්නේ කුමකටද යන්නය. වඩාත් සුදුසු බත් ආහාරයට ගැනීමයි. එහෙත් සතියකට දින දෙකක් හෝ තුනක් කඩල, කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක් ආහාරයට එක් කර ගැනීම ඉතාමත් සුදුසු වේ. එවිට ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක ලබා ගැනීමට හැකියාව ලැබේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 6:59 PM