ප්‍රශ්න තොරතුරු

මගේ දෝනි ලැබුනේ ජුලි 20 සීසර් කරලා ගත්තේ. මම අගෝස්තු 18 හස්බන්ඩ් එක්ක එකතු උන. එදා පොස්ටිනෝ 2 ගත්තා හදිසියේ වත් ගැබ් ගැනීමක් උනොත් කියල. මට අගෝස්තු 21 මෙන්සස් හදුනා. සාමානයෙන් බබකේ ලැබුනහම මාස 6 යනකන් වගේ මෙන්සෙස් වෙන්නේ නැහැ කියල මම අහල තියෙනවා. එහෙම උනේ පොස්ටිනෝ නිසාද. අයෙත් මම එහෙම ටැබ්ලට් එක මාසෙට පාරක් වත් ගත්තොත් දිගටම එහෙම වෙයිද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටලුව අපට තේරෙනවා. ඔබට හැකි නම් සැමියා සමග සාකච්ජා කර තාවකාලික හෝ ස්ථිර පවුල් සංවිධාන ක්‍රමයක් භාවිතා කරන්න. එය ඔබට සහනයක් වනු ඇත. දරුවෙකු ලැබී මාසික ඔසප් වීම සිදු නොවී ගැබ් ගැනීම් ඇති වූ අවස්ථාද ඇත. ඔසප් වීමේ වෙනස්කම් කිරි දීම නිසාද, පෝශන තත්වය හා හෝර්මෝන නිසා වෙනස් විය හැක. එනිසා ඔබට අවශ්‍ය උපදෙස් නිවරදිව ලබාගැනීමට පවුල් සංවිධාන නිලධාරිණී හෝ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුණගැසීම කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:14 PM