ප්‍රශ්න තොරතුරු

මගේ හස්බන්ඩ් ෆොන් එකම පාවිච්චි කරනවා දවසම ෆ්බ් එකේ. අපිට අවුරුදු 3 ක පුතෙක් ඉන්නවා එයා එක්කවත් වෙලාව ගෙවන්නේ නැහැ. මන් එක්කවත් කතා කරන්නේ නැහැ. මුළු දවසම යාලුවෝ එක්ක චැට් කර කර කලේ නාස්ති කරනවා. ගොඩක් දේවල් අතපසු වෙනවා. හුගක්ම පුතා පව්. මන් ගෙදර වැඩ නිසා පුතා එක්ක ඉන්න වෙලාව අඩුයි. හස්බන්ඩ්ගේ මේ හැසිරීම මට මානසික වදයක්. මට උත්තරය දෙන්න. මොකද්ද මන් කරන්නේ, මන් හැම විදිහකින්ම කිවුවා එත් ඒ වෙලාවට අහනවා. ෆොන් එකටම ඇබ්බැහි වෙලා ඉන්නේ එයා. මට උදව් කරන්න.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ඔබගෙ සවාමිපුරැශයාගේ ක්‍රියාව නිසා දැඩි දුකකින් සිටින බවයි අපට දැනෙන්නේ . ඔබ රැකියා වක් කරනවාදැයි මෙහිදී සදහන් කර නැත. එහෙත් ඔබද කාර්ය බහුල බව නිසා දරැවාට නිසි අවදානය දීමට අපොහොසත් වීම ගැන ඔබ කනස්සල්ලෙන් සිටින බව පෙනෙනවා. ස්වාමියාගේ සෙනහස දරැවාට ලැබෙන්නේ නම් , එම අඩුපාඩු ව සම්පූර්ණ වෙතැයි ඔබ බලාපොරොත්තු ඌවත්, සවාමියා සිය දරැපව්ල වෙත ලබාදීමට ඇති කාලය නොදීම ඔබට දුකකි. එයට හේතුව ලෙස , ඔබ දකින්නේ ඔහු ගෙදර සිටියද, යහලුවන්ට මුල්තැන දී ඔවුන් සමග chat කිරීම බව ඔබ සිතනවා. එහෙත් ඔබගේ ඉල්ලීමට ඔහුගෙන් යහපත් ප්‍රතිචාර නොලැබීමට හේතුව අප සොයාගත යුතු නොවේද ? ඇතැම්විට ඔහුගේ එම ක්‍රියාව යම්කිසි ආකාරයෙන් ඇබ්බැහිවීමක් විය හැකිය. 

ඔහුගේ මෙම ක්‍රියාව නිසා දරැවාගේ පෞරැෂත්වයට වන හානිය ඔහුට වැටහී නැතිවිය හැකිය. දරැවා කුඩාවුවද, නිතරම දෙමාපියන් අනුගමනය කරනවා. මේ සම්බන්ධයෙන් , අප සදහන් කල කරැනුද , ඒ ආශ්‍රිත ව ඔබට වැටහෙන යමක් ඇත්නම් ඒවාද ගලපාගන්න. ඔබ මෙතෙක් ඔහු වෙනුවෙන් , ඔහුගේ ක්‍රියාව නිවැරැදි කරගැනීම වෙනුවෙන් කටයුතු කල ආකාරය වෙනස් කිරීමට ඇති හැකියාව සලකා බලන්නට අප යෝජනා කරනවා. ඔබ මෙයින් යම් අදහසක් ක්‍රියාත්මක කර ඉන් ලැබෙන සාර්ථක හෝ අසාර්ථක ප්‍රතිඵල අපටද දන්වන්නේ නම් එය අන් අයටද ප්‍රයෝජනවත් වනු ඇත.  නැතහොත් ඔහු සමග සාකච්චාකොට එය ඔහුට නතර කිරිමට නොහැකි පුරුද්දක් වී ඇත්නම් මනෝ උපදේශනය සදහා යොමු කරවන්න.

මනෝවෛද්‍ය උපදේශනය සඳහා පහත ආයතන විමසන්න.

සුමිත්‍රයෝ

011 2692909
011 2696666
011 2683555

CCC Hotline: 1333

ආලෝකය කවුන්සලින් සෙන්ටර් -
37/27, බුලර්ස් ලෙන්, කොළඹ 07

Tel: +94 2 584 157 ext. 162
E-mail: badra@fpasrilanka.org

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:30 PM