මට වෙලාවකට ජීවිතේ කලකිරෙනවා. suicide කරගන්නත් ගිය එත් හරි ගියේ නැහැ
හිතවත් පරිශීලක,
ඔබේ ප්රශ්නයට ස්තුතියි.
ඔබ කියන විදිහට ඔබේ ජිවිතේ නැති කරගන්න ගිහින් බේරුණු කෙනෙක්.ඇත්තටම කියනවනම් ඔයා ගොඩක් වාසනාවන්තයෙක්. මෙහෙම කිව්වට ඔයාට ඒක එකපාරට දැනෙන එකක් නෑ. කමක් නෑ මොකද ඔයාට ඒවගේ තීරණයක් ගන්න මොනවා හෝ හේතුවක්, එහෙම නැතිනම් හේතු කීපයක් මුල් වුනා වෙන්න පුලවන්. කොහම වුනත් ඒ අවාසනාවන්ත අත්දැකීමෙන් බේරිලා ඔයාට ඇතිවෙලා තියන ගැටලුව ගැන කතා කරලා විසදුමක් හොයාගන්න තීරණය කරපු නිසයි ඔයා වාසනාවන්තයි කිවේ. අපි හැමෝටම එදිනෙදා ජීවිතේදී නොයෙක් ගැටළු වලට මුහුණ දෙනවා ඒවායින් සමහරක් අපිටම දරා ගන්න අමාරුයි. එහෙම වුනාම අපි අපේ ගැටලුවට පිළිතුරු තමන් විසින්ම හදා ගන්නවා. හැබයි ඒක ගොඩක් නරක සහ ඉතාමත් අසුභ දායි පිළිතුරක් වෙන්න පුළුවන්. හරියට ඔයා ගන්න ගියා වගේ තීරණයක්. ඒත් අපේ ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමට විශ්වාසනීය ක්රම වේදයක් භාවිතා කරොත් අපිට අපේ ගැටළු වලින් නිදහස් වෙලා ජීවිතයක වටිනාකම තේරුම් අරන් සුන්දර ජිවිතයක් ගත කරන්න පුළුවන්. ඒ පියවර ඔයා මේ වෙනකොටත් අරන් තියෙන්නේ.
ඔබට ඔබේ ගැටළුව තවදුරටත් කථා කිරීම සඳහා පහත ආයතන විමසන්න. මෙම සේවාවන් නොමිලයේ ලබාගත හැක
සුමිත්රයෝ
011 2692909
011 2696666
011 2683555
CCC Hotline: 1333
ආලෝකය කවුන්සලින් සෙන්ටර් -
37/27, බුලර්ස් ලෙන්, කොළඹ 07
Tel: +94 2 584 157 ext. 162
E-mail: badra@fpasrilanka.org
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:02 PM