ප්‍රශ්න තොරතුරු

මට ටික කලෙක ඉදන් මතකේ අඩුයි වගේ දැනෙනවා. පොඩි දේත් අමතක වෙනවා, විභාහාගත් තියෙනව. මතකේ වැඩි වෙන්න ක්‍රමයක් කියන්න.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇත්තටම මතකය වැඩි දියුණු කරගන්න මනෝ විද්‍යාත්මක ක්‍රම ගණනාවක් තියනවා. එම ක්‍රම ඔබටම ප්‍රයෝගිකව අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම තමයි එක්කෙනෙකුට සාර්ථක ක්‍රමයක් තවත් කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. ඔබ දැනට පෙනී සිටින විභාගය සහ විෂයයන් සදහන් කළහොත් වඩා හොඳ පිළිතුරක් දෙන්න පුළුවන්. කෙසේ වෙතත් විභාගයට මුහුණ දීම සදහා අපේ හිතේ බියක් ඇති වීම හා ඕනෑවටත් වඩා විභාග වෙනුවෙන් මහන්සිවීම වැනි කරුණු නිසාත් යම් මට්ටමකට මතකය අඩු වීමක් වෙන්න පුලුවන්. අනික් කාරනාව විභාගයක් ලං වන විට මේවගේ තත්වයන් ඇතිවීම සාමාන්‍යයි. ඒත් මතකය ගැන විශ්වාසයකින් යුතුව වැඩ කරලා තමන්ට වඩා සුදුසුම ක්‍රමේ භාවිතා කරලා මතකය වැඩි දියුණු කරගන්න පුළුවන්.
1 කාල සටහනකට වැඩ කිරීමට හුරු වන්න දිනපතා උදෑසන 4-6 ත් අතර නිශ්චිත වෙලාවකට අවදි වන්න.
2 විනාඩි 5 -10 කාලයක් භාවනාවක යෙදෙන්න.
3 අද දවසේ කටයුතු ගැන සැලස්මක් හදාගන්න(පාඩම් කරන අයුරු හා දිනට නියමිත වැඩ )
4 එක දිගට විනාඩි 40 කට වඩා පාඩම් නොකරන්න. සෑම විනාඩි 40 කට වරක් විනාඩි 10 කට අඩු විවේකයක් ගන්න.(පාඩම් කරපු තැනින් ඉවත් වෙලා ටිකක් නැවත එන්න)
5 ශබ්ද නගා කියවන්න (මොලයට පෙනීම හා ඇසීම යන කරුණු දෙකෙන්ම ඇතුලත් වන නිසා)
6 හැකි සෑම විටකම ඔබ උගත් දෑ තවත් කෙනෙකුට කියලා දෙන්න(මතකය දියුණු කරගැනීමට වඩාත් පලදායි ක්රනමයකි)
7 විෂයට අදාළ කරුණු සම්බන්ධව මිතුරන් සමග සාකච්චා කිරීම.
8 විෂයට අදාළ කරුණු ගැන දැනුම මිනුම තරඟ පැවැත්වීම.
9 නින්ද කියන්නෙත් මතකයට අත්‍යාවශ්‍ය කාරණාවක් ඒ නිසා පැය 6 වත් නිදා ගන්න. මධ්‍යම රෑ වනතුරු අවදියෙන් නොසිට වේලාසනින් නින්දට යන්න. නින්දට පෙර හෙට දවස සැලසුම් කරන්න.
10 විෂය කරුණු දෑස් වසාගෙන රුප ආකාරයෙන් මෙනෙහි කිරීම වැනි ක්රෙම භාවිතා කර බලන්න. එසේම ඔබගේ මතක හැකියාව තවත් කෙනකුගේ මතක හැකියාව සමග සැසදීම නොකරන්න. ඉහත කරුණු සම්බනධව යම් ගැටළුවක් ඇත්නම් තව දුරටත් උපකාර කිරීමට යෙහෙළි සුදානම්.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:09 PM