ප්‍රශ්න තොරතුරු

මට මගේ මහත්තය ඇත්තටම ආදරේද නැත්නම් මගෙන් පලිගන්න මාව බැන්දද කියල දැනගන්න ඕනේ. කොහොමද කරන්නේ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට අවශ්‍ය වෙන්නේ ඔබගේ ස්වාමිපුරුශයා ඔබට ඇත්තටම ආදරේද කියලා දැනගන්න ද ? ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ගැන හා ඔහුගේ ආදරය ගැන කනස්සල්ලෙන් ඉන්න බව අපිට වැටහෙනවා .ඔයා විවාහ වෙච්ච මුල් දවස්වල සහ මේ ගැටුම ඇති වෙන්න කලින් , ඔයාගෙ ස්වාමිපුරුෂයා ඔයාට ආදරේ කලේ, පෙන්නුවේ කොහොමද කියල හිතල බලන්න .ඒ එක ක්‍රමයකින් හරි තවම ඔයාට ආදරේ කරනවද? සමහර වෙලාවට දෙන්නෙක් අතර ගැටුම් ඇති වෙන්නෙත් ගොඩක් ආදරේ වැඩි උනහම. ආදරේ වැඩි උනහම ඒ ආදරේට භාජනය වෙච්ච කෙනාව පරිස්සම් කරගන්න, තමන්ගෙම කරගන්න ගොඩක් උත්සාහ කරනවා නේ. මේ ගැන හිතල සතුටුදායක පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා නැවතත් අපිට ලියන්න .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:15 PM