ප්‍රශ්න තොරතුරු

මට මගේ ආදරේ ඕනේ. එත් එකට ගෙදරින් කැමති නැහැ. ගෙදරින් ගෙනාපු ප්රෝපොර්සල් එකට එයාල කැමති. එත් එයාගේ එහෙම ආදරයක් නැ . අපි අතරේ අවුරුදු 7 ක පරතරයක් තියෙනවා. මේ ඒ තීරණේ ගත්තේ තාත්ත නිසා. එයාට දුක දරාගන්න බැරි නිසා. එයා මන් යාලු වෙලා හිටපු අයියට කැමති නැ . මන් මොකද කරන්නේ? මට මගේ හිත හදාගන්න බැ එයා නැතුව. අපි ගොඩක් ආදරෙන් හිටියේ. අමතක කරන්න බැහැ

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටළුව මට වැටහෙනවා.ඔබගේ ආදරවන්තයාට ඔබ බොහෝ ප්‍රියකරන බව පෙනෙනවා. එහෙත් ඔබගේ ආදර සම්බන්ධතාවය විවාහයක් දක්වා දීර්ඝ කිරීමට ඔබගේ දෙමව්පියන් අකමැත්තක් පළකර තිබෙනවා. ඒ කිනම් හේතුවක් නිසාද ? එසේ ඔබ දන්නා හේතුවක් නම් එය ඔවුන්ට අනුව සාධාරණද ? ඔබට අනුව සාධාරණද ? අසාධාරණද ? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න.

තවදුරටත් අවශ්‍ය වන්නේ නම් ඔබගේ දෙමව්පියන් ඔබ සඳහා යෝජනා කර ඇති පුද්ගලයා හා ඔබගේ ආදරවන්තයා
සැසඳීමේදී , ඔහු වෙනස් වන්නේ කෙසේද ? එහිදී දෙමව්පියන්ගේ ආදරය , ්‍රේමවන්තයාගේ ආදරය හා විවාහක සහකරු ගේ ආදරය අතර වෙනස කුමක්දැයි විමසා බලන්නට අපි ඔබට යෝජනා කරනවා.

ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඔබ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුවේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:19 PM

අදහස්