ප්‍රශ්න තොරතුරු

මන් කෙනෙක්ට ආදරේ කරනවා. එත් මට එයට ආදරේ කරන්න බයයි. මන් හිතන්නේ එයා වෙන කෙනෙක්ට කැමති. එයා අනික් එක්කෙනා එක්ක කතා කරනකොට මට තරහ යනවා. මට මේ ෆීලින්ග්ස් නැති කරගන්න ඕනේ. ප්ලීස් හෙල්ප් මී .

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ආදරය විවිධ ආකාරයෙන් පුද්ගලයින්ට දැනෙනවා . එය ඔබට දැනෙන්නේ කෙසේද ? ඇත්තටම ආදරයක් ද ලිංගික ආශාවක්ද ? හෝ මේ දෙකම කැටිකොටගත් අනාගත බලාපොරොත්තුවක්ද යන වෙනස ඔබම වටහාගත යුතුයි .

 මේ ඔබගේ පළමු වන ආදර සම්බන්ධතාවය , හෝ පළමුවරට සිතේ ආදරණීය හැඟීමක් යම් පුද්ගලයෙකු කෙරෙහි හටගත් අවස්ථාවක් නොවන බව , ඔබ අපගෙන් මීට පෙර අසනලද ්‍රශ්ණ වලදී පැහැදිලි වෙනවා . මෙහිදී ඔබගේ වයස සම්බන්ධයෙන් සඳහන් කිරීමක් සිදුකර නැත . එහෙත් ඔබ යෞවන වයසේ සිටින තරුණියක් සේ සලකා අප මෙසේ සඳහන් කරන්නෙමු .

ඔබගේ අනාගතයට සුදුසු සහකරුවෙකු ඔබ සොයන්නේ නම් , ඊට වඩාත් සුදුසු පියවර වන්නේ, යම් පුද්ගලයෙකු මිතුරකු හෝ මිතුරියක වශයෙන් වූ කාලයක් ඇසුරු කිරීමයි. එම කාලයේ දී ඔවුන්ගේ හැසිරීම ඔබට ගැලපෙනවද හා එය ව්‍යංගයෙන් තොරද කියන බව නිවැරදිව හඳුනාගත හැකියි. එමෙන්ම, ඔබට යම් ආදරණීය හැඟීමක් යම් පුද්ගලයකු කෙරෙහි ඇති වූවා නම් ඒ කිනම් කරුණක් මූලිකකොට ගෙන දැයි විමර්ශනය කර , ඇත්තටම අනාගතයට එය කෙතරම් සඵල වන්නේ දැයි සිතා බලා කටයුතු කිරීම වඩා වැදගත් වනු ඇත. ඔබගේ අනාගතයට බලපාන තීරණයක් ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස අප ඔබට තව දුරටත් යෝජනා කරනවා.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:26 PM

අදහස්