ප්‍රශ්න තොරතුරු

මන් හිතේ වදෙන් ඉන්නේ. මිටි කෙල්ලන්ට කොල්ලෝ කැමති නැහැලු. ළමයි හදන්නත් අමාරු ලු. මට මේක හරි හිසරදයක්

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මිටි බව හෝ උස බව , සමාජ සම්බන්ධතා සඳහා විශේෂත්වයක් දක්වන්නේ නැති බව හොඳින් විමසා බලන විට ඔබට වැටහේවි . සෑම විටම තමා පහත් යැයි හැඟෙන පරිදි සංසන්දනය කිරීමෙන් සිදුවන්නේ ඔබ, ඔබ ගැනම අවතක්සේරු කර ගැනීමයි . එහෙත් දියුණු වූ බොහෝ මිනිසුන් තමා උසස් කොට සලකා , තමන්ගෙ සාර්ථකත්වය ළඟා කරගන්නවා. ඔවුන් සංසන්දනය කරන්නේ ඔවුන්ගේ ශාරීරික තත්ත්වය නොවේ . ඔවුන් ඔවුන්ට වඩා උසස් අය ඇසුරු කරමින් ඔවුන්ගේ ගතිගුණ,ඔවුන්ගේ හැසිරීම තමාගේ චරිතය කොට ජීවිතය දිනන ලබනවා.

මේ සඳහා ඔබට හොඳ නිදසුනක් මම ඉදිරිපත් කරන්න කැමතියි. හෙළයේ මහා ගාන්ධර්වයා ගැන ඔබ අසා තිබෙනවා ද ? ඒ අන් කවුරුත් නොව පණ්ඩිත් අමරදේවයන් ය . ඔහුට සමාජයේ විශාල ගරුත්වයක් හා පිළිගැනීමක් තිබූ බව ඔබ දන්නවා ඇති . ඔබ දන්නවාද ඔහුගේ උස කොපමණද කියලා ? වයස අවුරුදු 10ක 12ක වගේ කෙනෙක් එක්ක සමානව උසට තමයි එතුමා ගේ ශරීර ප්‍රමාණය හැඩ ගැසී තිබුණි. එහෙත් ණ්ඩිත් අමරදේව රාජරාජ අමාත්‍යවරුන් ජනාධිපතිවරු ආදී ඕනෑම කෙනෙක් අභියස අභිමානවත්ව වැජඹුනා . ඔබට මෙන්න උදාහරණයක් සෑහීමට පත් වේ යැයි සිතමු .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:29 PM

අදහස්