ප්‍රශ්න තොරතුරු

මන් බයයි සෙක්ස් ගැන හිතනකොට. බඳින්නත් බයක් එනවා එක ගැන හිතද්දි

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයා විවාහ වන වයසේ සිටින තරුණියක් බවයි තේරෙන්නේ . ඔයා sex වලට බය වෙලා .ඒ නිසා විවාහ වෙන්නත් බයෙන් නේද ඉන්නේ ? ඇයි ඔයා සෙක්ස් ගැන බයවෙන්නෙ? ඔයා මොනවද sex කියන එක ගැන අහලා තියෙන්නේ ? ඒ අහලා තියෙන්නේ මොන වගේ මාධ්‍ය වලින්ද මොන වගේ අයගෙන් ද කියන එක සලකා බලන්න වෙනවා . තරුණියන්ට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කොහොමද නන්නාඳුනන කෙනෙක් එක්ක යහනක සැතපෙන්න කියලා .

 sex මිනිස් වර්ගයාට වගේම අන් සතුන්ට ද පොදු දෙයක් . මිනිසුන්ට ඒක විශේෂ වන්නේ හුදෙක්ම එය වර්ගයා බෝ කිරීමට පමණක් සීමා නොවී , කායික මානසික තෘප්තියද ලබාගැනීම, සඳහා භාවිතා කිරීමයි. ඇතැම් විට අපගේ ශරීරය ගැන අප දන්නා ප්‍රමාණය බොහොම අල්පයි. කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රියන් නිර්මාණය වී ඇත්තේ දරුවෙකු මේ ලෝකයට බිහි කිරීමට අවශ්‍ය වෙලාවේදී එහි ්‍රමාණය සකස් වෙන ආකාරයටයි. ඒවාගේම ලිංගිකත්වය කෙරෙහි කැමැත්තක් ආශාවක් ඇති වූ විට එහි බිත්ති ඒ සඳහා සකස් වෙනවා.එනිසා ලිංගේන්ද්‍රයන් හි ආබාධයක් නොමැති නම් මේ සඳහා අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව අප සිතමු .

 සමාජ සංස්කෘතියට අනුකූලව ශිෂ්ට සම්පන්නව විවාහයකට ඇතුළත් වීමෙන් පසුව කාන්තාවක් තම විවාහක පුරුෂයා සමඟ නැතිකරගන්නා මූලික ලිංගික අත්දැකීම හරිම ආදරණීයයි . කාන්තාවන් කෙරෙහි පුරුෂයාගේ පවතින ගෞරවය රැක ගැනීමට එය බොහෝවිට ඉවහල් වෙනවා . එහෙම පවුල් ජීවිතය ආරම්භ කිරීම නිසා එකිනෙකා අතර විශ්වාසය ගොඩනගා ගැනීමට හා ආදරණීය ලිංගික සම්බන්ධතාවයකට මූලික පසුබිමක් වැටෙනවා. ඉතිං තව දුරටත් ඔබට මේ සම්බන්ධව කතාකිරීමට අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් අපගේ දුරකථන අංකවලට කතාකොට විස්තර දැන ගත හැකියි .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:32 PM

අදහස්