ප්‍රශ්න තොරතුරු

ලග්න පලා පල විශ්වාස කරන්න ඕනෙද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ජෝතිෂ්‍ය වැනි විෂෂයන් පිලිබඳව බොහෝ දෙනා අතීතයේ සිට දැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසාම කේන්දර, නැකැත් ආදිය සම්බන්ධව අදටත් සමාජයේ විශාල අවධානයක් යොමු වී තිඛෙනවා.සැතපුම් කෝටි ගණනක් ඈතින් පිහිටන ග්‍රහලෝක මිනිස් ජීවිතයට බලපාන්නේ කෙසේදැයි යන්න පිළිබඳව නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට තරම් සාධක අදටත් අනාවරණය වී නොමැති බැවින් අප ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීම එතරම් ප්‍රයෝගික වන්නේ නැහැ.නමුත් වර්තමානයේ ජෝතිෂ්‍ය විද්‍යාව පවා මුදලට යට වී යාම තුළ එහි සතත්‍යතාවක් තිබුණත් සැබෑ සේවාවක් සපයන ජෝති්‍ය වේදීන් සොයා ගැනීම ගැටලූවක්.
එමෙන්ම මිනිසා තරම් දියුනු සත්වයෙකු තවමත් මෙම විශ්වයය තුළ හමු වී නැහැ.මිනිසාට ජීවිතයේ හමුවන අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතයේ ඉලක්ක වලට යාමට ඇති හැකියාව පුදුමාකාරය.ජීවිතයේ සාර්ථකත්වයට ලගා වූ බොහෝ දෙනා කේන්දර, පලාපල විශ්වාස කරනවා වෙනුවට තම හැකියාව සහ ආත්ම විශ්වාසයට මුල් තැන දුන් අයයි.එබැවින් ලග්න පලාපල ගැන සිතමින් කාලය ගත කරනවා වෙනුවට තමාව සහ තමාගේ හැකියාවන් විශ්වාස කිරීමට මුල් තැනක් දීමට උත්මාහ දරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:35 PM

අදහස්