ප්‍රශ්න තොරතුරු

මගේ ආදරය නතර උනාට පස්සේ මට හැම දේම එපා උනා.විවාහයක් කරගන්න අදහසක් නැහැ. දහමට ටිකක් ලැදී මම. මම ටීචර් කෙනෙක්. කාන්තාවක් ලෙස විවාහ නොවී සිටීම ගැටළුවක්ද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටලුවට අනුව ඔබගේ පැරණි ප්‍රේම සම්බන්ධයෙන් ඔබ ලැබූ අත්දැකීම් පදනම් කරගෙන ඔබ නැවත විවාහ නොවීමටත් ජීවිතය දෙස ඍනාත්මකව බැලීමටත් හුරුවී තිඛෙනවා. සැබැවින්ම ආදරය කරන කාලය තුළ එය මිහිරි අත්දැකීමක් වූවත් ආදර සම්බන්ධයක් හදිසියේ නතර වුවහොත් ඉන් ලැඛෙන අත්දැකීම දුක්ඛදායක විය හැකියි.නමුත් ආදර සම්බන්ධතාවක් නතර වූ පමණින් ඔබ නැවත විවාහ නොවේයැයි මතයකට පැමිණීමත් ජීවිතය දෙස ඍනාත්මකව බැලීමට හුරුවීමත් කෙතරම් නිවැරදි විය හැකි මොහොතක් සිතා බලන්න.

 ජීවත්වීම යනු අතීතය මත පදනම්ව වර්තමානය පිළිබඳව පසුතැවිලි වීම නොවේ. ඒ වෙනුවට අප කළ යුත්තේ අතීතයෙන් පාඩම් ඉගෙන අප අපේක්ෂා කරන අනාගතය වෙනුවෙන් අපේ වර්තමානය සකසා ගැනීමයි. අප ආදර සම්බන්ධයක් ආරම්භයේදී කෙතරම් සිහින මැවුවත් අපට එම තැනැත්තා සමග මුලු ජීවිතයම ඛෙදා ගැනීමට ඔහු කෙතරම් ගැලපේද ඔහුත් ඒ සඳහා සුදානම්ද යන්න වටහා ගැනීමට හැකි වන්නේ ආදර සබඳතාවය ගලා යන කාලය තුළයි.එහිදී දෙදෙනා නොගැලපෙන බව හෝ විවාහයක් සඳහා සූදානම් නැති බව හැගී ගියහොත් සබඳතාවය බිඳ වැටිය හැකිය.එයින් අනාගතයේ සබඳතාවක් ආරම්භ නොකල යුතු බවත් විවාහ නොවී තනිකඩව සිටිය යුතු බවත් අදහස් නොවේ.

 යම් කෙනෙකු අනිවාර්යයෙන්ම විවාහ විය යුතුයැයි ලෝ්ක සම්මත නියමයක් නැත. නමුත් සාර්ථක විවාහයක් ජීවිතයට ශක්තියකි.

1.කාන්තාවක් ලෙස විවාහවීමෙන් තොරව අනාගතයට මුහුණ දීමට ඔබ කෙතරම් සූදානම්ද?

2.වර්තමානයේ ඔබට විවාහයක අවශ්‍යතාව දැඩිව නොදැණුනත් විශේෂයෙන්ම අනාගතයේදීත් ඔබට එලෙස තනිව ජීවත් විය හැකිද?

3.ඔබට විවාහයක් සිදු කරගැනීමෙන් ඔබේ ජීවිතය කෙතරම් සාර්ථක වනු ඇතිද?

මෙම කරුණු ගැන මඳක් සිතන්න. එමෙන්ම වර්තමානයට වඩා අනාගතයේදී කාන්තාවක් ලෙස ඔබට විවාහයක් තිබීමේ වටිනාකම කෙතෙක්දැයි සිතා බලන්න.විශේෂයෙන්ම ඔබ පැරණි අත්දැකීම් මත පිහිටා එමගින් ආදරය හෝ විවාහය පිලිබඳව නිශේධනීය ආකල්පයක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. ඔබට විවාහය පිලිබඳ වෙනත් ගැටලූකාරීබවක් නැති බැවින් අතීතය ගැන නොසිතා අනාගතය පිලිබඳව සිතීමට හුරු වීමෙන් ඔබට මෙම කරුණ ගැන තීරණයක් ගැනීම පහසු වනු ඇත.ඔබට මේ පිලිබඳව වැඩිදුරටත් උපකාරයක් අවශ්‍යනම් උපදේශකවරයෙකුගේ සහය ලබා ගත හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 11:47 PM

අදහස්