ප්‍රශ්න තොරතුරු

මම පවුලෙ එකම දරුවා.අම්මා පිළිකාවකින් අවුරුදු පහකට කලින් නැතිවුණා.මම දැන් විවාහකයි.සැමියා ඉන්නේ අපේ ගෙදර.ඔහුට රැකියාවක් නෑ.අම්මා නැතිවුණ කාලයේ ඥාති සහෝදරියක් අපේ ගෙදර උදව්වට නැවතුණා.ඇය දික්කසාද නැතත් සැමියාගෙන් වෙන්වෙලා ජීවත් වෙන්නෙ.දැන් වසර පහක් අපේ ගෙදර හිටියා ඡන්ද හිමි නාමලේඛනයෙ පවා නම තියෙනවා කියලා එයා අපේ ගෙදරින් යන්නෙ නෑ.මටත් සැමියාටත් එයා ගොඩක් වෙනස්කම් කරනවා.බනිනවා.මගෙ සැමියාගෙ පාටට පෙනුමට පවා දොස් කියනවා.එයා මාව බැන්දෙත් අර ගෑනු කෙනාගෙන් වෙන හිරිහැර නවතියි කියලා.එයාව ගෙදරින් යැව්වොත් කම්කරු උසාවිය හරහා නඩු කියනවා කියලා අපිට තර්ජනය කරනවා.එයාගෙ දරුවො තුන්දෙනා විවාහකයි.අපි එයාට මෙච්චර කල් සැලකුවේ හොඳින්.තාත්තා අපේ පැත්තට නෑ.තාත්තා එයාව ගෙදර තියාගන්නයි බලන්නෙ.මගෙ පැමිණිල්ලකට පොලිසියෙනුත් වතාවක් තාත්තා ට අවවාද කලත් එයාව ගෙදර යැව්වෙ නෑ.මටවත් සැමියා ටවත් රැකියාවක් කරන්න තාත්තා ඉඩ දෙන්නෙත් නෑ.සැමියාගෙ ගෙදර ගිහින් ඉන්න පුලුවන්ක්මක් නෑ එහෙ තත්වය අයහපත් නිසා.අනේ මේ කාරණාව විසඳගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවානම් කියන්න.අපි දෙන්නම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ...

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අවුරුදු 5ක් නිවසේ සිටි පමණින් ඇයට නිවසේ අයිතියක් හෝ නිවසේ සිටීමට නීත්‍යනුකුල අයිතියක්  හිමි වන්නේ නැහැ. කම්කරු උසාවිය මගින් ඇයට සහන ලබා ගැනීමේ හැකියාවක්ද නැහැ. නීතිය අනුව ඇයට කිසිදු උසාවියකින් සහනයක් ලබා ගැනීමට පදනමක් නැහැ. ඒ  නිසා ඇයගේ තර්ජනයට කිසිදු පදනමක් නොමැත. නිවසේ අයිතිය තිබෙන කෙනාට පුළුවන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. එහිදී පොලිසිය දෙපාර්ශවයම කැඳවා පරීක්ෂණයක් කර සහනයක් ලබා දෙනු ඇති.  එහිදීත් ගැටලුව නිරාකරණය කර ගත නොහැකි වුවහොත් යලිත් අප හා සම්බන්ධ වන්න. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි. 

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Nov 2020 Sun 1:59 PM

අදහස්