ප්‍රශ්න තොරතුරු

ape gedrata kodiwina kralalu.blna HMA thnakinma kiynwa.eth ewata piliyam krna Hari thank nane.pls MTA udau karanna

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ දක්වා ඇති ගැටළුවට අනුව පෙනී යන්නේ වර්තමාන සමයේදී ඔබ ප්‍රශ්න ගණනාවකින් යුක්තව ජීවත් වන බවයි. ඔබ පවසන පරිදි කොඩි විනය සම්බන්ධව කතා කිරීමට ප්‍රථමයෙන් ඔබට මතු වී ඇති ගැටලු තත්වයන් දැනගැනීමට හැකි නම් එම ගැටලුවලට වඩා හොඳ පිළිතුරක් ලබාදීමට හැකිවේ.
එකම කාලසීමාවකදී ගැටළු ගණනාවකට මුහුණ දෙන එකම කෙනා මම පමණක් යයි බොහෝවිට අපට සිතුනද එය නිවැරදි නොවේ. ඔබද මමද තවත් බොහෝ අයද එකවර ගැටළු ගණනාවකට මුහුණ දෙන්නේ නම් දැඩි අපහසුතාවයන් වලට පත් වේ. එසේම ගැටලු ගණනාවක් ඇති විටකදී ඒවාට පිළිතුරු සොයා ගැනීමට යාමේදී පඹ ගාලක පැටලුනා මෙන් අපට දැනේ.

වඩාත් උචිත වන්නේ අප පත් වී තිබෙන ගැටළු ගැන නිවැරදි ආකාරයෙන් එම ගැටළු ඇතිවීමට හේතු සහ ඒවා අඛණ්ඩව ඇතිවීමට හේතු සොයාගෙන ඒවාට උත්තර ලබාදීම වේ.

ඒ ඒ ගැටලුව අනුව ඒවාට ලබා දිය යුතු පිළිතුරු වෙනස් වේ. එසේම ගැටළුවේ ස්වභාවය අවබෝධ නොකරගෙන එම ගැටලුව සම්බන්ධ හොඳ දැනුමක් ඇති විශේෂඥයකුගේ උපකාර ලබාගැනීමට නොයෑමෙන් ගැටළුව තවදුරටත් උග්‍ර විය හැක. උදාහරණයක් ලෙස ශරීරයේ තියෙන ආබාධ තත්වයක් ගැන නැතහොත් සෞඛ්‍යමය ගැටලුවක් ගැන ඒ විෂය ගැන නොදන්නා එහෙත් වෙනත් විෂයකට ඉහල දැනුමක් ඇති කෙනෙකුගෙන් විමසා සිටියහොත් ඔහු හෝ ඇය ලබාදෙන පිළිතුර බොහෝවිට හොද එකක් නොවිය හැක.
ඔබට ඇත්තේ ආර්ථික ගැටළුවක් නම් ඒ සම්බන්ධව දැනුමක් ඇති අයගෙන් විමසා සිටීමටත් ඔබට ඇත්තේ සෞඛ්‍යමය ගැටලුවක් නම් සම්බන්ධව වෛද්‍යවරයෙක් හෝ විෂය සම්බන්ධ දැනුමක් ඇති අයෙකුගෙන් උපකාර ලබා ගත්තාට කම් නැත.
එසේම ඔබ විශ්වාස කලයුතු වැදගත්ම කරුණක් වනුයේ ඕනෑම ගැටලුවකට විසඳුම් ඇති බවයි.
ඔබගේ ගැටලු එක් එක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නම් ඒවාට වඩාත් ඵලදායි පිළිතුරු ලබාදීමට හැකිවන අතර එමගින් ඔබගේ ගැටලු නිරාකරණය කරගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 ඔබ කෙරෙහි විශ්වාසය ගොඩ නගාගන්න. එවිට ඔබට ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඔබකෙරෙහි ඔබ තබන විශ්වාසය ඉතා ප්‍රබල බව සිතන්න. ඔබ සිතන්න, ක්‍රියාත්මක වෙන්න, ඔබේ ඉලක්කය වෙත යන්න.එය ඔබට පුළුවන් ඔබට උපකාර කිරීමට යෙහෙළි සුදානම්.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Sep 2018 Sun 10:19 AM