ප්‍රශ්න තොරතුරු

මාව කිහිපවිටක්ම පූසන් සූරා තිබෙනවා. එත් මන් බෙහෙත් විද්දේ නෑ. පූසන්ට බෙහෙත් විදලත් නෑ. ප්‍රශ්නයක් වෙයිද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පූසා තුවාල කල ස්ථානය හොඳින් සබන් දා සෝදන්න. ඉන්පසු හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඔබට හැකි නම් පූසා පිලිබඳව සොයා බලන්න. එය වෛද්‍යවරයාට පහසුවක් වනු ඇත.සාමාන්‍යයෙන් සතෙකු තුවාල කල පසු දින එම සපාකෑමේ ස්වභාවය අනුව එන්නත් ලබාදීමට සිදුවිය හැකිය.ඔබ සතුන් ඇති කරනවා නම් ඔවුන් නිසි පරිදි එන්නත් කිරීම සිදු කරන්න. එසේ නොමැතිනම් නොදන්නා සතුන් අත්ගෑමට යාමෙන් වැළකීම වඩා යෝග්‍ය වේ.

මෙම ලින්ක් එක හරහා ඔබට එන්නත් පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගත හැකිය

http://www.epid.gov.lk/web/images/stories/Immunization_Guide_2012.pdf 

ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමවේදය සඳහා මෙම ලින්ක් එක බලන්න

http://www.nhsl.health.gov.lk/web/index.php?option=com_content&view=article&id=103:rabies-treatment-unit&catid=9&Itemid=301&showall=&limitstart=&lang=en

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Sep 2018 Tue 8:30 PM